පළමු ඩ්‍රෝන ගුවන් අධිවේගී මාර්ගය . . .

ලොව ප්‍රථම ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගය එක්සත් රාජධානියේදී ලබන ජූනි සහ ජූලි මස අතරතුරදී විවෘත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානිය පුරාවට නියමුවන් රහිත ඩ්‍රෝන වලින් අධිවේගී බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට මෙම අධිවේගී මාර්ගය ඉඩ ලබා දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන සමාගමක් වූ ඇල්ටිටියුඩ් එන්ජල් නිර්මාණය කර ඇති සැතපුම් 165 ක් පුරා දිවෙන මෙම ගුවන් මාර්ගය කොවෙන්ට්‍රි සහ මිල්ටන් කේන්ස් නගර යා කරනු ලබයි.

මෙම ගුවන් මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට මින් විශාල තර්ජනයක් එල්ල විය හැකි බවට ඇතැම් ව්‍යවසායකයින් විවේචන එල්ල කර ඇත. ඇරෝ කුළුණු 30 ක් මත මෙම අතත්‍ය ගුවන් මාර්ගය අඩි 400 ක් ඉහළ අහසේ නිර්මාණය වී ඇති බවත් එම කුළුණු මගින් ඩ්‍රෝන පාලනය වන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම පැවැසුවේය.

මෙම ගුවන් මාර්ගය තුළ ආරක්ෂිතව ඩ්‍රෝන යානා පියාසර කළ හැකි බවත් යානා පියාසර කරවීමට මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම ප්‍රකාශ කළේය. එක් කුළුණකට සැතපුම් 2.5 ක සංඥා පරාසයක් තිබෙන බවද එම සමාගම පැවැසුවේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තිරුපති දෙවියන් ලංකාවට වඩී . . .

Sun Mar 31 , 2024
ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ, අනුව ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි පසුගිය සිකුරාදා (29) මෙරටට පැමිණීමට නියමිතව තිබුනා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x