සිංගප්පූරු භාණ්ඩ රැසක බදු අඩු කරයි . . .

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක් සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර ඇ.ත.

ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යතුරුපැදි සහ පාපැදි අමතර කොටස් සඳහා ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ද සියයට 10 සිට සියයට 6 දක්වා අඩුකර ඇති බව වාර්තා වෙයි.

ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදු ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල පහලට . . .

Sun Mar 31 , 2024
ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනයද අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව ඇත. විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් විම හා ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩුයි මත මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමට නියමිතය. මිල අඩු කිරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x