දමිතා ආගිය අතක් නෑ . . .

පුද්ගලයෙකු රට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇගේ සැමියා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අසමත්ව ඇත.

පසුගිය 27 වැනිදා ඔවුන්ගේ බොරලැස්ගමුව පැපිලියාන පිහිටි නිවසට පොලිස් නිලධාරින් ගියද ඒ වන විටත් ඔවුන් දෙදෙනා එම නිවසෙන් පලා ගොස් තිබිණ.

කොරියාවට පුද්ගලයෙකු යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇතැයි ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.

ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණ විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගම ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයුවමින් සිටී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළට . . .

Tue Apr 2 , 2024
වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරන්නේ, වෙළඳපොළේ බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර වියළි කාලගුණයත් සමග අස්වනු අඩුවීම ඊට හේතුව බවයි. මීට පෙර රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300කට ආසන්න මට්ටමක පවතිනවා. බුලත් අලෙවිකරුවන්ගේ අදහස වන්නේ, සිංහල අලු‍ත් අවුරුදු සමය උදා වීමත් සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x