චීනෙන් ආ ලොකු ලූනු . . .

ඉන්දියාව ලූනු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ලූනු ආනයනය කර ඇති අතර, චීන ලොකු ලූනු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බව වෙළෙන්දෝ කියා සිටිති.

ඉන්දියානු ලොකු ලූනු මෙරටට නොලැබීම නිසා පාකිස්තානය සහ තුර්කියෙන් ලොකු ලූනු ආනයනය කෙරුණු අතර, මේ වනවිට චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග පිටකොටුව තොග වෙළෙදසල්වල ගොඩගසා ඇති අයුරු දැකගත හැකිය.

චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු ගෙඩියක් ග්‍රෑම් 500 ක් පමණ වන බවත්, එහි දියර ස්වභාවය වැඩි බවත් වෙළෙන්දෝ පවසති. එමෙන්ම, එහි සැර ගතියක් නොමැති බවත්, ආහාර ආදිය සැරසිලි කිරීම සඳහා චීන ලූනුවලට ඉල්ලුමක් පවතින බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියා සිටිති.

පිටකොටුව සිල්ලර වෙළෙඳ පොළේ චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටද, පාකිස්තාන ලොකු ලූනු කිලෝවක් රුපියල් 500 කටද, තුර්කි ලොකු ලූනු කිලෝවක් රුපියල් 420 කටද අලෙවි කෙරේ.

කෙසේ නමුත්, තුර්කි ලොකු ලූනු ප්‍රමාණයෙන් රතු ලූනු ගෙඩියකට වඩා මදක් විශාල වන අතර, එහි සැර වැඩි නිසා පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් පවතින බව පිටකොටුව එළවළු වෙළෙඳුන් පවසති.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රීගෙන් විශේෂ දැනුම්දීමක් . . .

Wed Apr 3 , 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x