ලියන්නෙ නැතව ලයිසන් ගන්න පුළුවන් . . .

පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

මෙලස පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද සිට (03 වැනිදා) ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.

මීට අමතරව මෙම සංසද මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී විශ්වවිද්‍යාල වෙත තේරීපත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමටද නියමිතය.

මෙම පදක්කම් ලබාදීමේ ක්‍රමවේදය පාසල් ආචාර්ය මණ්ඩලයේ මෙන්ම කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව ඇති අතර මෙයට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

  • නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ගේ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය බැංකු . . .

Wed Apr 3 , 2024
මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් මෙහෙයවමින් එම බැංකුවලින් ලබා ගන්නා මුදල්වලින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. අප්‍රේල් 01 වෙනි දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට ආවරණ දැන්වීම් පිටුවක් එකතු කර එම ප්‍රචාරක කටයුතුවලට මුල පුරා තිබිණි. මහජනතාවගේ මුදල් එක් රැස් කර තිබෙන ජනාධිපති අරමුදලින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x