නොකිය ගිය සෙබළුන්ට පොදු සමා කාලයක් . . .

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම පොදු සමා කාලය ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට සේවය හැරගිය සාමාජිකයන්ට අවස්ථාව උදාවේ.

පොදු සමා කාලය තුළ සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් තම හමුදා මූලස්ථානය වෙත පැමිණ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට හැකියාව තිබේ.

යම් පුද්ගලයෙකු විසින් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදුකෙරෙයි.

මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

  • ගයාන් සූරියආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලියන්නෙ නැතව ලයිසන් ගන්න පුළුවන් . . .

Wed Apr 3 , 2024
පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය. මෙලස පාසල් මාර්ග ආරක්ෂක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x