ව්‍යාජ රන්කාසි සමග පවුලක්ම මාට්ටු . . .

නිධානයකින් ලබාගත් බව කියන  වටිනා රන්කාසි බව පවසමින් එම ව්‍යාජ රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී, ඔහු සිදුකළ පැමිණිල්ලක් අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම, ව්‍යාජ රන්කාසි සමඟ මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්කොරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47,23,18 යන වයසේ පසුවන මව, දුව, පුතු වන අතර ඔවුන් ව්‍යාජ රන්කාසි සමග අත්අඩංගුවට ගන්නා විට පියා පැන ගොස් ඇති බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔවුන් සතුව තිබූ රන් කාසි කිරීමට ගන්නා තරාදියක්, සහ ජංගම දුරකථන හයක්ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

  • නිමල් ජයරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් අලියා පන්නයි . . .

Fri Apr 5 , 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ එක්සත් මහජන පක්ෂයෙන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස් ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් මූලික වී නව පක්ෂයට පණ දීමේ සැලසුම් සකස් කරමින් සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x