හිර ගෙදර දැවැන්ත කිරි බතක් . . .

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.

එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ.

ඒ වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් වෙනුවෙනි .

ඊයේ (06) වන විට එම අංශ තුනෙහි රඳවා ඇති මුළු රැඳවියන් සංඛ්‍යාව 4,064කි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් වෙනුවෙන් වූ අවුරුදු උත්සවය ඊයේ (07) පැවැත්වින. ඒ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අද පූර්ණ සූර්යග්‍රහණයක් . . .

Mon Apr 8 , 2024
ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පවසයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x