සීගිරියට ගොල්ෆ් පිටියක් . . .

මෙරට ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන සීගිරිය ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදි කිරීමට රජය තීරණය කොට ඇත.

රටේ ආර්ථිකය ගොඩනැගීමට සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බංඩාර තෙන්නකෝන් ගේ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ගේ සම්බන්ධීකරණයෙන් ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ ගේ මගපෙන්වීම් හා පූර්ණ අධීක්ෂණයෙන් මෙම ගෝල්ෆි පිටියේ සංවර්ධන කටයුතු ගුවන් හමුදාවෙන් ආරම්භ කිරීමට නියමිතය.

අප්‍රේල් මාසය අවසානයට පෙර ගුවන් හමුදාවේ පූර්ණ දායකත්වයෙන මෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර සීගිරිය කේන්ද්‍ර කරගෙන පැමිනෙන සංචාරකයින් ඉලක්ක කරගෙන සිදුකරන මෙම ව්‍යාපෘතිය හරහා සංචාරක ක්ශේත්‍රයේ විශාල ප්‍රවර්ධනයක් සිදුවනවා සේම සීගිරිය දඹුල්ල ඇතුලු සමස්ත මාතලේ දිස්ත්‍රික්කයේම ජනතාවට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ රැසක් මේ හරහා උරුම වීමට නියමිතය.

– Media unit

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අලුත් අවුරුද්ද ඔබට කොහොමද ? . . .

Sat Apr 13 , 2024
ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමඟ ඔබ උපන් ලග්නයට සුබ අසුබ වෙන්නේ කෙසේදැයි ටොලමියානු ජ්‍යොතිෂ්‍ය අනුව විමසා බලමු. මේෂ ලග්නය – අවුරුද්ද පුරාම විපරිත උත්තේජනයක් මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ ඊශාන, ගිනිකොන සහ නිරිත යන දිසාවන් මේ අලුත් අවුරුද්ද පුරාම විපරිත ලෙස උත්තේජනය වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල, 2024 ඔබට සෑම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x