ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාරයක් . . .

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ, ඉරානය විසින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාර 300කට අධික සංඛ්‍යාවක් අනෙකුත් මිත්‍ර පාර්ශවීය රටවල් සමග එක්ව විනාශ කළ බව ය.

දකුණු ඊශ්‍රායලයේ ආරක්ෂක කඳවුරු භූමියට කුඩා ප්‍රහාර ගණනක්‌ එල්ල වී ඇති අතර එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලය සඳහන් කරයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඩ්‍රෝන යානා හෝ මිසයිල ප්‍රහාර 99%ක් ම ඊශ්‍රායල ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර විනාශ කළ බව ය.

තම රට “ජයග්‍රහණය කරන” බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ඊශ්‍රායලයේ විසින් අප්‍රේල් 1 වන දා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කරනු ලැබූ ප්‍රහාරයට ‘ප්‍රතිප්‍රහාරයක්’ ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගියේ කල්ල මරේ . . .

Mon Apr 15 , 2024
අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා තිබේ.  අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය පැවසුවේ, පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් පහලොස් කෝටි අනූ අට ලක්ෂ දෙදහස් නවසිය පනහක ආදායමක් ලබා ඇති බවයි. 13 වැනි සෙනසුරාදා අධිවේගී මාර්ගවල ආදායම දෙකෝටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x