පිටකොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක් . . .

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස  ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.

ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය. අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි. ‍මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙස කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසැල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක්වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වන අලි ටෙලිකොම් කනු බිම හෙලයි . . .

Fri Apr 19 , 2024
වව්නියාව සෙට්ටිකුලම් මන්නාරම් ප්‍රධාන මාර්ගයේ පරයානංකුලම් ප්‍රදේශයේ ඇද තිබූ විදුලි සංදේශ රැහැන් කණු වලට වනඅලි රංචුවක් විසින් හානි කොට බිම හෙලීම හේතුවෙන් (18) ප්‍රදේශ කිහිපයකට විදුලි සංදේශ සේවාව ඇණහිට ඇතැයි වාර්ථා වෙයි. පරයානංකුලම් පොලිස් ස්ථානය ආසන්නයේ සිට කිලෝමීටර් දෙදකට අධික දුර ප්‍රමාණයක් පිහිටි විදුලි සංදේශ රැහැන් ඇද තිබූ කණු 16 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x