ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා . . .

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ.

ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය කළේය.

එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමටය.

ඒ අනුව පළමු තොගය ලෙස ලූනු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේය.

කෙසේවෙතත් මෙරට මාසික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බස්නාහිර පළාත තුළ නව ආරක්ෂක වැඩපිළිවෙළක් . . .

Sat Apr 20 , 2024
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x