වතු කම්කරුවන් වැඩ වර්ජනයක . . .

වතු කම්කරුවකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා වතු සමාගම්වලට ලබාදුන් උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව විරෝධය දක්වා වතු කම්කරුවන් අද (21 ) වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් වතුකරයේ තේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියේය.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වතුකරය පුරා දියත් කර ඇති අතර, එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට දමිල ප්‍රගතිශීලි සන්ධානය ඇතුළු වතුකරය නියෝජනය කරන සියලුම වෘත්තිය සමිති පුර්ණ සහයෝගය ලබා දී ඇත.

වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති ක්‍රියමාර්ගයට සහය දක්වා හැටන්, කොටගල, බගවන්තලාව, දික්ඔය, මස්කෙලිය යන නගරවල ද කළු කොඩි ඔසවා වෙළෙඳසල් වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් කටයුතු කළේය.

කළු පටි පැළඳ උද්ඝෝෂණයේ නිරතව සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ වතු සමාගම් විශාල ලාභයක් උපයාගෙන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

තේ වතු සමාගම් විශාල ලාභයක් උපයාගෙන තමන්ට දිනකට රු. දහසක සොච්චම් වැටුපක් ලබාදෙන බවත්, දැනට රටේ පවතින ජීවන වියදම අනුව එම වැටුප තමන්ට ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවත් උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටිති.

දැනට වතු කම්කරුවකුට ගෙවන දෛනික වැටුප වන රු. 1000 ට තවත් රු. 400ක් මූලික වැටුපට එකතු කිරීමටත් තවත් රු 300ක මුදලක් කොන්දේසි සහිතව වතු කම්කරුවන්ට ගෙවීමට වතු සමාගම් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් එම යෝජනාව පිළිගත නොහැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසය සඳහන් කරයි.

වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණවලට දමිල ප්‍රගතිශීලි සන්ධානයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව එම සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරම් පවසන්නේය. හැටන් නගරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

  • සිතාර ඉරාෂ් – වටවල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටපුරා දේවස්ථාන විනාඩි 2කට නිහඬ වෙයි . . .

Sun Apr 21 , 2024
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විය. කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට පස් වසරක් සපිරේ. ඒ දුක්බර දිනය සිහිපත් කරමින් කොච්චිකඩේ සිට කටුවපිටිය දේවස්ථානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x