‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් . . .

දියතලාව නරියාකන්ද “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ” මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් අද (22) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග අංක5 යටතේ තරග කල මාතර  මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ  තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය  මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව  (47) යන  දෙදෙනාය.

මොවුන් දෙදෙනා ඊයේ (21) දියතලාව  නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග වදිමින් සිටියදී මොවුන්ගේ මෝටර් රථ දෙක හදිසි අනතුරකට ලක්වීමෙන් අවුරුදු 8 ක කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ .

මින් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .

මෙම ෆොක්ස්හිල් මෝටර්රථ අනතුරින් තුවාල ලැබු මෙම තරගකරුවන් දෙදෙනාද දැනට දියතලාව මූලික රෝහලේ  පොලිස් නිලධාරීන් ගේ ආරක්ශාව යටතේ  නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර , බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි  එස්.පීටර් ෆෝල් අද (22) දහවල් දියතලාව මූලික රෝහලට පැමිණ  තරගකරුවන් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ වාට්ටුවට ගොස් පරික්ෂා කර බලා සැකකාර තරගකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළහ.

ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ .එම්.උපුල් චන්දන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී .බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර දයාරත්න ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ඇන්ටනි එස්  පීටර් ෆෝල් මහතා දියතලාව රෝහලට පැමිණීම
– ප්‍රසාද් රුක්මල්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නිවසක් කොල්ලකයි . . .

Mon Apr 22 , 2024
නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්‍රදේශයෙ නිවකට අද (22) කඩා වැදි එහි තිබු රන් ආභරණ, මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. නාවක්කාඩු ප්‍රදේශයෙ දුම්කොල හා එළවළු වගාකරුවකුගේ නිවස මෙසේ කොල්ල කා ඇති අතර කොල්ලකෑම සිදුවන අවස්ථාවේදි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x