කෝටි 6ක රන් භාණ්ඩ සොරකම . . .

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පැවසීය.

එම මූල්‍ය ආයතනයේ තිබූ රු 68,978,357ක් වටිනා මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිලෝ 03 ග්‍රෑම් 770ක් හා කැමරා පද්ධතියේ ඩෙකෝඩරය සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ වැඩබලන කලමණාකරු විසින් කලවාන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස් රැකියා ජාවාරමක් පොලිස් දැලට . . .

Tue Apr 23 , 2024
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x