ත්‍රිරෝද රථ ජාවාරමක් අල්ලයි . . .

සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 4 ක් සමග 27 හැවිරිදි සැකකරුවෙක් 25 දා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයසි.

පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු බදුල්ල නගරයේ නිවසක් කුලියට ගෙන මෙම ඡාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

සැකකරු සන්තකයේ තිබි ත්‍රීරෝද රථ 4 ක් සොයාගත් බවත් ඒවායේ එන්ජින් ගලවා චැසිඅංක වෙනස් කර තවත් වෙනස්කම් සිදුරකර තිබූ බවත් පොලිසිය පවසයි. ඊට අමතරව වාහන 11 ක අංක තහඩු සැකකරු සන්තකයේ තිබූ සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.

මේ ත්‍රිරෝදරථ වල සහ අංක තහඩු පිළිබඳව විස්තර විමසා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත තොරතුරු දැනුම් දීමට පියවරගෙන තිබේ.

  • නුවන් ආරියවංශ – ඇල්ල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවේ ස්ටෝබෙරි ගම්මානය . . .

Thu Apr 25 , 2024
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ උපදේශකත්වයෙන් ආරම්භ කෙරෙන මෙම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය, නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x