ජනගහනයෙන් 10%කට වකුගඩු රෝග . . .

මෙරට ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පැවසුවේ දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මෙලෙස පැවසීය,

“අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ සාධක බලපානවා. මෙම රෝග වළක්වා ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම දියවැඩියාව තමා අපේ රටේ වකුගඩු නරක් වෙන්න බලපාන ප්‍රධානතම සාධකය. මනා දියවැඩියා පාලනය තමා මෙම රෝගීන් වකුගඩු රෝගයෙන් බේරීමට කළ යුත්තේ. ඊට අමතරව වෛද්‍ය උපදෙස් පිළිපැදීම, සායනවලට නිසි පරිදි සහභාගී වීම, ඉතාම වැදගත්. ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩු කරගෙන, නීරෝග අයෙක් නම් දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙනවා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දොලවත්ත පොහොට්ටුව අතහරී . . .

Mon Apr 29 , 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි. පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි. පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද මේ වන තෙක් පක්ෂයේ කිසිදු වගකීමක් තමන්ට පවරා නොමැති බවද මන්ත්‍රීවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x