ජෙරම්ගේ ‘මිරකල් ඩෝම්’ ගැන විමර්ශනයක් . . .

ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළ ජෙරම් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සමීපතමයින් විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් පහක් සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබූ වාර්තාවේ සදහන් වන අන්දමට, ජෙරම් ප්‍රනාන්දු යන අය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇති වාහන 14ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර, ඒවා මිලදී ගැනීම සදහා ජෙරම් ප්‍රනාන්දු යන අය මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අධිකරණයට දැනුම් දී ඇත.

  • නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහනවලට හොර ලේඛන හැදූ මහමොළකරු අල්ලයි . . .

Fri Jul 14 , 2023
කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ  ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ  මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන  සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x