සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ පැවති රැස්වීමකදී aspartame පිළිකා කාරකය පිළිබඳව ප්‍රථම වරට ඇගයීමක් සිදු කර තිබෙනවා. IARC කණ්ඩායම aspartame මිනිසුන්ට […]

ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත. ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි. ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත. මෙම නව පළතුර […]

රාජාණ්ඩුවක් පළවා හැර වැඩවසම් ක්‍රමය පෙරලා දමා ධනේෂ්වර ක්‍රමය ආරම්භය සිදුවූ ප්‍රංශ විප්ලවයේ 234 වෙනි සංවත්සරය මහත් ඉහලින් එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) සමරනු ලබයි. 16 වෙනි ලුවී රජ පෙළපත පළවා හැරීම සහ බැස්ටීලයට පහරදීම 1789 ජූලි 24 වෙනි දින සිදු කිරීම මූලික කර ගනිමින් ප්‍රංශ විප්ලවය සැමරීම […]

සිය තීරයක් සහ මාර්ගයක් මුලපිරීම (BRI) යටතේ නේපාලයේ ගුවන් තොටුපළක් ඉදිකර ඇති බවට නේපාලයේ චීන තානාපතිවරයාගේ ප්‍රකාශය ආන්දෝලනයකට තුඩුදී ඇත. චීන තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය නේපාලය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ජාත්‍යන්තර සබඳතා සහ සංචාරක කමිටුව අමතමින් විදේශ අමාත්‍යවරයා නේපාලයේ එවැනි BRI ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් තානාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර […]

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. 2024 වර්ෂය අවසානය දක්වා මෙම තීරණය බලාත්මක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය […]

කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ  ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ  මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන  සිදු […]

ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති […]

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, “චන්ද්‍රයාන් 3” මෙහෙයුම අද (14) සවස  2.35 ට ආරම්භ විය. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය ‘වික්‍රම්’ ය. ‘වික්‍රම්’ යානය තුළ කුඩා රෝවර් යානය ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය ‘ප්‍රාග්යාන්’ ය. ‘වික්‍රම්’ ගවේෂණ යානයත්, ‘ප්‍රාග්යාන්’ රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ […]

දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් අද (14) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත. එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී යි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීමේ රැස්වීමකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට ඖෂධ ලබා ගැනීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.