වාහනවලට හොර ලේඛන හැදූ මහමොළකරු අල්ලයි . . .

කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ  ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ  මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන  සිදු කළ පරික්ෂාවේදී එයද කොටස් එකලස් කර තනා ව්‍යාජ ලිපි ලේඛන මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ලියා පදිංචි කර තිබූ  එකක් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ  අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය  කුමාර ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කඩවත ගනේමුල්ල පාරේ කසුන් මාවත අසල දී බව පොලිසිය කියයි.

අනතුරුව එම ප්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී   කොටස් එකලස්  කරන ලද වාහන වලට  සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400 කට පමණ කූට ලේඛන සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලියා පදිංචි කර විකුණා ඇති බවට අනාවරණය වි තිබේ.

ඊට අමතරව එම ජාවාරම සඳහා යොදාගත්   ලිපි ශීර්ෂ රබර් මුද්‍රා, මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් කූට ලෙස සැකසූ ව්‍යාජ ලිපි ලේඛන තොගයක්‍, ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට අයත්   ලියාපදිංචි සහතික, ආදායම් බලපත්‍ර ධාවනයෙන් ඉවත් කරන ලද වාහන වලට විකුණු බවට සහතික ලද ව්‍යාජ ලේඛන, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල ලිපි ශීර්ෂ විශාල ප්‍රමාණයක්,

පොලිස් ස්ථාන වලින් නිකුත් කරන ලද වාහන නැති වූ බවට සඳහන් පැමිණිලි පිටපත් විශාල  ප්‍රමාණයක් රාජ්‍ය ආයතන වල මුදල් ගෙවූ බවට මුදල් පොදු172 හිස් පෝරම විශාල ප්‍රමාණයක්, රක්ෂණ සමාගම් වලට අයත්  ව්‍යාජ ලෙස සකස් කරන ලද රබර් මුද්‍රා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ රබර් මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇත.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍ය විශ්‍රාම වයස 63 කරයි . . .

Fri Jul 14 , 2023
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. 2024 වර්ෂය අවසානය දක්වා මෙම තීරණය බලාත්මක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x