වාහන ඉල්ලා මන්ත්‍රීවරු කතානායකට ලියති . . .

තීරු බදු රහිත වාහන බලපත්‍රය  ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින්  යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ට පසුගිය සතියේදී බාරදී ඇත.

මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්  මෙන්ම  කනිෂ්ඨ  මන්ත්‍රීවරුද  ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් අප කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන ගෙන්  ඊයේ (28)කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි.

මෙම  වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව තීරණය කළ හැකි කාරණයක් නොවේ යැයිද  ඔහු සඳහන් කළේය.

එසේම  මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද  සාකච්ඡා කර ඇත. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ  ඉරාන් වික්‍රමරත්න  ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත්  සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බවත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබිණ.

  • සුජිත් හේවාජුලිගේ

 


Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජවිපෙ මූලස්ථානය ඉදිරියේ විරෝධතා . . .

Mon Apr 29 , 2024
රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88 -89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්‍‍ඝෝෂණයක් පැවැත්වීය. මෙහිදී අදහස් දැක්වූ විරොධතාකරුවන්, “88/ 89 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x