මැයි දිනයට කෝච්චිත් කුලියට ගනිති . . .

මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ වෙත මේවනවිට දැනුම් දී තිබේ.

මුදල් අයකර ගැනීමෙන් පසුව අදාළ බස්රථ නිදහස් කරන ලෙස ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් දී තිබේ.

විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වැඩිදුරටත් ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියේ මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි රැළි සඳහා බස් රථ අයැදුම් කර ඇති බවයි.

විවිධ දේශපාලන පක්ෂ, මැයි දින රැළි වෙනුවෙන් මුදල් ගෙවා විශේෂ දුම්රිය සේවා ද මේවන විට ඉල්ලුම් කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොද අරක්කු බොන්න ඕනේ . . .

Tue Apr 30 , 2024
නව මත්පැන් අලෙවි හලක් විවෘත කිරීම සම්බන්ධයෙන් දිගන නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඊයේ දිනයේ ඇති විය. එක කණ්ඩායමක් කියා සිටියේ නගරයට එක් මත්පැන් හලක් ප්‍රමාණවත් බව තවත් එකක් අනවශ්‍ය බවත්ය. නමුත් ඊට විරෝධය පළ කරමින් තවත් පිරිසක් එම ස්ථානයට පැමිණ පැවසුවේ නව මත්පැන්හලද ඔවුන්ට අවශ්‍ය බවය. නව මත්පැන් හල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x