පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක් . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකු , රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත. පසුගිය මාර්තු 31වනදා සිට රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමර්ශන කොමිසමක් පත්කරනු ලැබුවා.

එහි සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ගුවන්හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව මෙහි විමර්ශනය සිදුකර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට හානි සිදුකිරීම, ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අරගලකරුවන් විසින් අත්පත් කරගැනීම හා වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිබත් කිරීම පිළිබඳව මෙහිදී විමර්ශනයට ලක්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 107 දෙනෙකු සිය අත්සන සහිතව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසය.

මෙම විමර්ශනයේදී ප්‍රචණ්ඩක්‍රියා සියල්ල පාලනය කිරීමට එවකට පොලීසිය හා හමුදා අංශ අසමත් වූ බවත්, බොහෝ අවස්ථාවල හමුදා හා පොලිස් ප්‍රධානීන් පහළ නිලධාරීන්ට එම ප්‍රචණ්ඩක්‍රියා වළක්වන ලෙස උපදෙස් ලබාදී නොමැති බවත්, ඒ නිසාම අදාළ නිලධාරීන් චේතනාන්විතව සිය වගකීම් පැහැරහැර ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මුදල් නැහැ . . .

Sat Dec 24 , 2022
අද වන විට රජයට ලැබෙන ආදායම රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප් ගෙවීමටත් සමාජ සුභසාධනය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරයි. මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා එළඹෙන පළවෙනිදා සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවය.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x