කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි . . .

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය  වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-5-2 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්‍යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබේ.

උපදේශක සේවා ආයතන විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තු ගත පිරිවැය අදාල ණය මුදලට වඩා වැඩිවීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි රජය පවසයි.

එබැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ එම ව්‍යාපෘතිය නිම කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ලැබ ඇතැයි ද රජය සඳහන් කරයි.

ඒ අනුව ව්‍යාපෘතියෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන එහි සමස්ත ඇත්තමේන්තු ගත පිරිවැය  මූල්‍ය ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබේ.

එකී මූල්‍ය ප්‍රදාන බාර ගැනීමටත් ඒ සඳහා වන අදාළ ගිවිසුම් වලට එළඹීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගුවන්තොටුපලේ රත්තරන් සාප්පුව . . .

Wed May 1 , 2024
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ  රත්තරන් සාප්පුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගුවන්තොටුපලේ නව ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් රත්රන් ව්‍යාපාරය හඳුන්වාදීමේ යෝග්‍යතාවය සලකා බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනා සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි. දැනට බණ්ඩාරනායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x