එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගයේ විනිසුරුවරයෙකු ඉවත් වේ . . .

මෑතකදී කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන් වරයා සහ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා අද (07) ඉවත් විය.

මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද එස්.තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා සඳහන් කළේ පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එහෙත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාදීකරණය එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙසත් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත්විටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාල සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි . . .

Tue May 7 , 2024
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක්  සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ් ” නැමැති අය අද (07 ) දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ . 32 හැවිරිදි වියේ පසුවන මන්නා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x