බණ්ඩාරවෙල බස් ධාවනය නවතී . . .

ලංගම හා පෞද්ගලික බස් රියැදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ සියලු බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

බණ්ඩාරවල ඩිපෝව පැවසුවේ ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු මෙම ගැටුම ඇති වූ බවයි.

ගැටුමෙන් පසු දෙපාර්ශවයේම කොන්දොස්තරවරු හා රියදුරුවරු ඇතුළු හතර දෙනකු බණ්ඩාරවෙල දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.

මෙම ගැටුම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෙල්ගමට අසනීපයි . . .

Wed May 8 , 2024
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ට මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත. මෙම යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් වෙල්ගම ට මෙසේ නිවාඩුවක් ලබාදීමට කටයුතු කර ඇති බවය. lanka C […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x