බස් රථ අනතුරින් සරසවි සිසුවිය මරුට . . .

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් පාලමක  ගැටීමෙන් අනතුරක් සිදුවුණා.මෙම රථය නොච්චිමොටේ ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා.  බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණි. තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ද සිටී.

රෝහල් ගත කිරීමෙන් පසු බස් රථයේ රියදුරු සහ බස් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණි. මියගිය තිදෙනා අතර වයස අවුරුදු 23 ක යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක් සිටින බවට වාර්තා වී ඇති අතර ඇය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලීසිය පවසයි. වයස අවුරුදු 33 ක වැල්වැටිතුරේ පදිංචි එම බස් රථයේ රියදුරා ද අනතුරෙන් මියගොස් තිබේ. මියගොස් ඇති අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගැනීමට හැකිවී නොමැති බව පොලීසිය පවසයි. සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙයි.

මේ අතර අනතුර සිදු වූ අවස්ථාවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ තවත් සුඛෝපභෝගී බස් රථයක් එම ස්ථානයේම අනතුරට ලක්වී තිබුණි. පොලීසිය පැවසුවේ, ප්‍රථමයෙන් අනතුරට පත්වූ බස් රථය මාර්ගයේ පෙරළී තිබෙනු දුටු එම බස් රථයේ රියදුරු රථය නැවැත්වීමට උත්සාහ ගැනීමේදී මාර්ගය අසල තිබූ ගසක ගැටී නතර වී ඇති බවය. කෙසේ වෙතත් බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදුවී නැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන්ට මාධ‍්‍ය තහනමක් . . .

Sun Nov 6 , 2022
පාෆ්කිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට තීරණය කර තිබේන අතර ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්. යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් සිදුවේ. පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුර පාකිස්තානයේ හිටපු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x