ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයක් . . .

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය ට උප­දෙස් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේ, මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු ඉල්ලීම සහ උප­දෙස් සලකා බල­මින් ඉතා ඉක්ම­නින්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලී අනු­පාත ඉහළ දැමීම සඳහා ක්‍රම­වේ­ද­යක් ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බවයි.

ආර්ථික අර්බුද පැන­නැ­ඟී­මට ප්‍රථම වයස අවු­රුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ බැංකු සහ මූල්‍ය ආය­තන ගිණුම් සඳහා වාර්ෂි­කව 15% නොඉ­ක්මවූ පොලී ප්‍රති­ශත පිරි­නමා තිබු­ණත් මේ වන විට එම පොලී ප්‍රති­ශත තනි ඉල­ක්කමේ ප්‍රති­ශත බවට පත් වී තිබීම කනගාටුවට කාරණයක්.

මේ තත්ත්වය නිසා පොලී ආදා­ය­මෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් අප­හ­සු­තා­වන්ට පත්ව ඇති බව සඳ­හන් කර­මින් තමාද දැනු­වත් කර ඇතැයි රංජිත් සිය­ඹ­ලා­පි­ටිය වැඩිදුරටත් කියා සිටියා.

ඊට අම­ත­රව ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් වරින් වර ජනා­ධි­ප­ති­ව­ර­යාද දැනු­වත් කොට ඇති බවයි පැවසෙන්නේ.

රංජිත් සිය­ඹ­ලා­පි­ටිය වැඩිදුරටත් පැවසුවේ, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මේ කරුණ පිළි­බඳ සාව­ධා­නව සහ සානු­ක­ම්පි­තව සලකා බලා ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට සවි­ස්තර වාර්තා­වක් දෙන්නැයි ඉල්ලා සිටි බවයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පරණ යකඩ එකතු කරන්නන් නියාමනයට . . .

Sat May 11 , 2024
පරණ යකඩ අපනයනය කිරීම තහනම් කර ඇතත් තවමත් විවිධ ආකාරයෙන් විශාල ලෙස ඒවා පිටරට පටවන බැවින් පරණ යකඩ එකතු කරන්නන් නියාමනය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලංකා රජය 2020 වසරේදී අබලි යකඩ අපනයනය කිරීම තහනම් කළේය. ඒත් මේ වනවිටත් වාත්තු ලෝහ ලෙස ඉදිරිපත් කරමින් අබලි ලෝහ අපනයනය සිදුවන බවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x