කෙහෙළියට මිනීමැරුම් නඩු . . .

ප්‍රමිතියෙන් තොර ඖෂධ අහිංසක රෝගීන් වෙත ලබාදී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටියි.

මෙම සැකකරුවන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධය ජන සංහාර අපරාධ ගණයට අයත් වන බවත් ඒ සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව සොයාබලා ගෙන යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝගීන් වෙත ලබාදීමෙන් පුද්ගල මරණ කීපයක් වාර්තා වූ අතර සදාකාලික ආබාධිතයන් බවට පත්වූ පුද්ගලයන් ගණන 100කට ආසන්න බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වාර්තාවල සඳහන් විය.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයුම්කරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු අටදෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීමෙන් සිදු වූ ජීවිත හානි මෙන්ම සදාකාලික රෝගීන් බවට පත්වූ පුද්ගලයන් පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ සහාය ලබාගැනීමට ද එම දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන සිටියි.

  • හේමන්ත රන්දුණු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සන්නද්ද කල්ලියකින් ප‍්‍රහාරයක් . . .

Sun May 12 , 2024
කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර ඇත. කළු පැහැති ඇදුම් වලින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පසුගිය (09) දින පස්වරු 5.30 ට පමණ අදාළ ව්‍යාපාරික ස්ථානයට කඩාවැදී මෙම පහරදීම සිදුකර දින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x