ආණ්ඩුවේ ලොක්කෙක් ගුවන්තොටේ යකා නටයි . . .

පසුගිය 14 වනදා අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකුට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් පිරිවරා ප්‍රවේශ පත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට උත්සාහ කර ඇති අවස්ථාවේ ගිනි අවි සහිතව පැමිණ ඇති නිසා එම ගිනි අවි සමග ගුවන් තොටුපොළ මගී පර්යන්තයට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් පවසා තිබේ. එහිදී රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සහ ඔහුගේ ආරක්ෂකයින් කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් තොටුපොළ ආරක්ෂකයින් සමග ගැටුමකට ගොස් ඇත. පසුව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබේ.

එමෙන්ම රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයාට (පෝටර්) ඔහුගේ නියමිත මුදලට වඩා අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව ඉල්ලා සිටි අවස්ථාවේ සේවකයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට පහර දී ඇතැයිද පහර කෑමට ලක් වූ බව කියන සේවකයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නැතැයිද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු . . .

Thu May 16 , 2024
විෂය නිර්දේශයෙන් පිට ප්‍රශ්න ඉදිරිපත් කළ බවට චෝදනා එල්ලවූ සාමාන්‍ය පෙළ (2023) විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකකට සම්පූර්ණ ලකුණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පැවැසීය. එය ‘නිදහස් ලකුණු’ සේ සැලකෙන බව ද ඔහු කීවේය. සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ කර ඊයේ (15දා) අවසන් වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x