ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම් . . .

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවත් මැතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව තම අමාත්‍යංශයට යටතේ මෙම වසර සඳහා සැලසුම් කරන ලද සංවර්ධන වැඩසටහන් කඩිනම් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනතා සමන් රත්නායක සඳහන් කරන්නේ ව්‍යවස්ථානුකූලව නිසි කාලසීමාව තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට . . .

Thu May 16 , 2024
රුසියානු හමුදා සේවයට ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) දින ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x