උගන්ඩාවේ 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ සිසේරියන් සැත්කමකින් ය. සෆීනා නමුක්වායා නම් ඇය පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මෙලෙස බිහි කර ඇත. ඇය උගන්ඩාවේ දරු ප්‍රසූතිය සිදු කළ වයස්ගතම කාන්තාවන්ගෙන් අයෙකු වේ. සිය දරුවන් ද සමඟ ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් […]

වසර දෙකක සිට අක්‍රියව පවතින විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම අද (01) ආරම්භ කරන බව ගූගල් සමාගම නිවේදනය කළා. ඒ අනුව, මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරි නොවන විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම මෙහිදී සිදුවන බවත්, එලෙස මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීමේ පණිවුඩ කිහිපයක් යොමුකර ඇති බව සඳහන්. ඒවා යළි සක්‍රිය […]

පාකිස්ථානයේ ලාහෝර් හි සියලුම ව්‍යාපාර රාත්‍රී 10.00 වන විට වසා දමන ලෙස මහාධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ සෑම දිනකම නගරයේ ඉහළ යන පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයක් ලෙසයි. සියලුම වෙළඳපලවල්, ආපනශාලා සහ අනෙකුත් ව්‍යවසායන් රාත්‍රී 10.00 ට වසා දැමීමටයි පාරිසරික පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් […]

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසුව හමාස් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-ඇමරිකානු දැරියක් ඊයේ (26) මුදා හැර තිබේ. ඉරිදා කණ්ඩායම විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර මේ කුඩා අවිගේල් ඉඩන් දැරිය ද විය. හමාස් සටන්කාමීන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර […]

ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදු පතුළෙන් හමු වී ඇති එම කන්දේ උස අඩි 5,249ක් ලෙස වාර්තා කර තිබේ. සාගර පර්යේෂණ ආයතනයක් වන ෂ්මිත් හි විද්‍යාඥයන් පිරිසක් […]

ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු […]

බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත. මේ වනවිට එම උගුල් මුහුදට දමන පුද්ගලයන්ගේ බුද්ධිය අභිබවා යාමට ඩොල්ෆින් මත්ස්‍යයින් සමත් වී ඇතැයි වනජීවී සංරක්ෂකයන් පවසයි. පර්ත් නගරයට කිලෝමීටර් […]

ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා ඇත. Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා තිබෙනවා. එමෙන්ම ගැහැණු ළමයෙකුගේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් තිබීමේ වාර්තාවට ද ඇය හිමිකම් ලබයි. ඇයට පහළ හකු දත් හතරක් සහ ඉහළ හකු දත් දෙකක් වැඩියෙන් පිහිටා […]

චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගෙන් පිරීගොස් ඇති බවයි. මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු ලබාදෙන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත. මේ අතර චීන දරුවන් අතර […]

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පවුල් සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ක්‍රීඩකයින් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන් දූෂණය කරන බවට ද තර්ජන එල්ල වී ඇති බව එහි සඳහන්වේ. එම තර්ජන ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.