නිදහස් ලැබූ කුඩාම ප්‍රාණ ඇපකාරිණිය . . .

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසුව හමාස් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-ඇමරිකානු දැරියක් ඊයේ (26) මුදා හැර තිබේ.

ඉරිදා කණ්ඩායම විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර මේ කුඩා අවිගේල් ඉඩන් දැරිය ද විය.

හමාස් සටන්කාමීන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරන ලද ඇගේ නිවසින් මේ කුඩා දැරියව ප්‍රාණ ඇපයට ගන්නා විට අවිගේල් ට වයස අවුරුදු තුනකි.

හමාස් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඇයට වයස අවුරුදු හතරක් සම්පූර්ණ විය.

අවිගේල්ගේ පවුලේ අය පැවසුවේ: “අපි බලාපොරොත්තු වුණා සහ යාච්ඤා කළා අද එයි කියලා.”

අවිගේල්ගේ ලොකු නැන්දා සහ ඇගේ ඥාති සොහොයුරියක් කියා සිටියේ “අවිගේල් ආරක්ෂිතව නිවසට පැමිණීම අපිට සහනයක්. කෘතඥතාව ප්‍රකාශ කිරීමට වචන නැහැ“ යනුවෙනුයි.

ඔවුන් අවිගේල් නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, කටාර් රජය සහ අනෙකුත් අයට ස්තූතිය පළ කළ අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ජනාධිපති බයිඩන් පවසා තිබුනේ අවිගේල් “දරුණු කම්පනයකට” මුහුණ දී ඇති බවත්, ඇය “විඳදරාගත් දේ සිතාගත නොහැකි” බවත් ය.

අවිගේල් ඔක්තෝබර් 7වැනිදා ඇගේ පවුලේ අය සමඟ සිටින විට හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලදී ඇගේ දෙමාපියන් මිය ගියේය. ඇගේ සහෝදර සහෝදරියන් දෙදෙනා සැඟවී සිටි අතර පසුව ඔවුන්ව බේරාගෙන ඇත. අවිගේල්ගේ පියාට සටන්කාමීන් වෙඩි තබන විට කුඩා අවිගේල්ව පියා අල්ලාගෙන සිට ඇත.

ඇය දිවි ගලවා ගෙන ඇගේ අසල්වැසි නිවසකට ඇවිද යන විට හමාස් විසින් ඇයව පැහැරගෙන ගොස් තිබුණි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීන ස්වසන රෝගයක් ලංකාවේ . . .

Mon Nov 27 , 2023
රටපුරා වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව ,උණ ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දන ජීවන්දර පැවසීය. මෙය චීනයෙන් වාර්තා වන සෙම්ප්‍රතික්ශා තත්වයේ සම්මිශ්‍රණයක් බව පැවසීය. කෙසේ වෙතත් චීනය තුල වියාප්තවන නියුමෝනියා තත්ත්වය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x