හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා ඇතුළු යාත්‍රා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වීමෙන් ඉන්ධන අළෙවිය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. එම යාත්‍රාවලට කැරළිකරුවන් මඟ හරිමින් යාත්‍රා කිරීමට සිදුවීමෙන් […]

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසුව හමාස් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-ඇමරිකානු දැරියක් ඊයේ (26) මුදා හැර තිබේ. ඉරිදා කණ්ඩායම විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර මේ කුඩා අවිගේල් ඉඩන් දැරිය ද විය. හමාස් සටන්කාමීන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර […]

ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය. ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ  නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින […]

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසනවා. ඒ බව වාර්තා කර ඇත්තේ හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය විසිනි. හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරනු ලබන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා බව අමෙරිකානු බලධාරීන් පවසනවා. ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට […]

පසුගිය පැය 24 තුළ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ ස්ථාන සිය ගණනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව පවසයි. ඊශ්‍රායලය තම දේශසීමා හරහා ගාසා තීරයට ජලය, විදුලිය සහ ඉන්ධන සැපයීම අවහිර කිරීම හා ප්‍රහාර එල්ල කිරීම නිසා ගාසා ජනතාව දැඩි අපහසුතාවට පත් වී සිටිති. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා […]

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ. මේ වනවිටත් ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා […]

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් ලෙස වැලඳ ගනිමිනි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්‍රායලය බලා පැමිණියේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. ඒ.එෆ්.පී.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත. මොහොමඩ් ඩියෙෆ් ඉතාමත් රහසිගතව ප්‍රහාරය සැලැසුම් කළ බවත්, ඒ බව දැන සිටියේ හමාස් සටන්කාමීන්ගේ මුල් පෙළ ජ්‍යෙෂ්ඨයන් පමණක් බවත්, මෙහෙයුමට සම්බන්ධ වුණු සටන්කාමී කණ්ඩායම්වලට පවා හරිහැටි කිසිවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.