යුද්ධ ගිනි මැද ජීවිතය සමග පොරබදන ගාසා වැසියන් . . .

පසුගිය පැය 24 තුළ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ ස්ථාන සිය ගණනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව පවසයි.

ඊශ්‍රායලය තම දේශසීමා හරහා ගාසා තීරයට ජලය, විදුලිය සහ ඉන්ධන සැපයීම අවහිර කිරීම හා ප්‍රහාර එල්ල කිරීම නිසා ගාසා ජනතාව දැඩි අපහසුතාවට පත් වී සිටිති.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී සඳහන් කරනුයේ, ගාසා ජනතාවට මානුෂීය ආධාර ලබා දීමට ඊජිප්තුවේ රෆා හරස් මාර්ගය හරහා ඉඩ ලබා දෙන බව ත් එහි පළමු පියවර වශයෙන් ගාසා වැසියන්ට මානුෂීය ආධාර රැගෙන ලොරි රථ 20ක් සිකුරාදා දින රෆා හරස් මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව ත් ය.

ඊයේ (ඔක්. 18) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ඊශ්‍රායල සංචාරයෙන් පසුව ඊජිප්තු ජනාධිපති අතර ඇති වූ එකඟතාවකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සඳහන් කරනුයේ, ඊජිප්තුවේ සිට ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමට බාධා නොකරන බව ත් ඊශ‍්‍රායල් දේශ සීමා හරහා ගාසා තීරයේ ජනතාවට කිසිදු ආධාරයක් ලබා දීමට ඉඩ නොදෙන බව ය.

එසේ ම, බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ඊශ්‍රායලයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරනුයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායලයේ දින දෙකක සංචාරයක් සඳහා පැමිණ සිටින අතර එම කාලය තුළ ඔහු වෙනත් රටවල සංචාරය කිරීමට ද බලාපොරොත්තු වන බව ය.

ඔහු ඊශ්‍රායලයට පැමිණ ඇත්තේ, ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් ඊශ්‍රායලයට ගොස් දවසකට පසුව ය.

ගාසා තීරයේ, ගාසා නගරයේ රෝහලක සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 471 දෙනෙකු මිය ගොස් ඇතැයි ගාසා බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

පලස්තීන බලධාරීන් සඳහන් කරනුයේ, ගාසාහි අල් අහ්ලි ක්‍රිස්තියානි රෝහලට එල්ල වූ ගුවන් ප්‍රහාරයට ඊශ්‍රායලය වග කිව යුතු බව ය.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරේ හර්තාල් . . .

Fri Oct 20 , 2023
උතුරු පලාතේ හර්තාලය වෙනුවෙන් උතුරේ වෙළඳසංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද (20) දින වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර රාජ්‍ය අංශ හා පාසල්   කටයුතු මෙන්ම ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවෙයි. මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා ට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x