පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ අංක එක . . .

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ .

ටයිම්ස් ලෝක ශ්‍රේණිගත කිරීම් මගින් උසස් අධ්‍යාපනයට ලොව සුදුසුම උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය වාර්ෂිකව සිදු කරන අතර එමගින් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරයන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදු කරයි.

මෙමගින් විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් වල ප්‍රධාන අංශ තුනක් ආවරණය කරනු ලබයි . එනම් පර්යේෂණ, බලපෑම සහ ඉගැන්වීම එම අංශ තුන වේ . එම අංශ තුන යටතේ ප්‍රවේශ වෙමින් කාර්ය සාධන දර්ශක 13 ක් භාවිතා කරමින් වර්ගීකරණය සිදු කරනු ලබයි .

ඒ අනුව ටයිම්ස් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පෙරදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත් වූයේ සිව්වැනි වරට වීමද විශේෂත්වයකි .

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුසියාවෙන් න්‍යාෂ්ටික විදුලි බලාගාරයක් . . .

Thu Jun 15 , 2023
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ ප්‍රකාශ කර ඇත. මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවයක් එක් කරනු ඇතැයි අබේවික්‍රම පෙන්වා දී තිබේ. ශ්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x