ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා . . .

ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති.

ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ.
මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි.

පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු පතුලට සම්බන්ධ වී තිබුණු බවත්, දැන් එය කැඩී
පාවීමට පටන්ගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස් දියවීමට පටන් ගැනීමේ අනිසි
ප්‍රතිඵලයක් ලෙස බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව උසම ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමුවෙයි . . .

Sun Nov 26 , 2023
ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදු පතුළෙන් හමු වී ඇති එම කන්දේ උස අඩි 5,249ක් ලෙස වාර්තා කර තිබේ. සාගර පර්යේෂණ ආයතනයක් වන ෂ්මිත් හි විද්‍යාඥයන් පිරිසක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x