ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදු පතුළෙන් හමු වී ඇති එම කන්දේ උස අඩි 5,249ක් ලෙස වාර්තා කර තිබේ. සාගර පර්යේෂණ ආයතනයක් වන ෂ්මිත් හි විද්‍යාඥයන් පිරිසක් […]

ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුවට සහභාගිවීමට එළඹෙන සතියේ විදෙස්ගත වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙම සංචාරයට අසූ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන බවද වාර්තාවේ දැක්වෙයි. කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, රුවන් විජේවර්ධන, දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු සංචාරයට එක් වන බවද වාර්තාවේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග […]

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙසේ දේශපාලඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් පසුගිය වසර අවසන් වන විට අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව […]

මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වුව ද අදාළ වෛද්‍යවරුන් පිරිස සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. මීට අමතර ව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට […]

පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර ඇති පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ ගම්පහ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පීහු අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (24) එය සංවිධාන කර තිබිණ. මහර සංවර්ධන සැලැස්ම මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට […]

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46 කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී සියයට 21 හා 2023 ඔක්තෝබර් වනවිට සියයට 46 කින් වියදම් සීමා කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7 ක් වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.