භද්‍රානිට එරෙහිව මැකෝගෙන් පරීක්ෂණයක් . . .

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙසේ දේශපාලඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටය.

මෙම උත්සවය පසුගිය 24 සිකුරාදා පැවැත්විණ.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙම උත්සවයට අපේක්ෂකයන් ඇතුළු දේශපාලඥයන් සහභාගී කරවීමෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන පවත්වන ලෙසට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන හා සැලසුම්) බී.පී.සී කුලරත්න කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ට ලිඛිතව දැනුම්දී තිබිණි. කෙසේ වෙතත් නාගරික කොමසාරිස්වරිය එම ඉල්ලීම නොතකා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ සංවිධායක සාගල රත්නායක සහ කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක ඇතුළු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිවිසක් පිරිසක් සම්බන්ධ කරගෙන උත්සවය පවත්වා ඇතැයි තොරතුරු වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සිද්ධිය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ගෙන සුදුසු තීරණයක් ගන්නා බවයි.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ICC ලොක්කා ලංකාවට . . .

Sun Nov 26 , 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x