රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා (13) අත්අඩංගුවට ගෙන තිබේ. මාතර, ගොඩගම පිහිටි විකී ඉන්ටර්නැෂනල් සොලියුෂන්ස් ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබුණු […]

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මාතර නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යමින් තිබීම හේතුවෙන් ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් මතුව ඇතැයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. නිල්වලා ගඟේ ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇතැයි ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් […]

මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පත්කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (5) විරෝධය පළ කළහ. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ  නිල්වලා ව්‍යාපෘතියේ […]

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට අද (13) පෙරවරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබුණි.  එහි සිට ජනතාව පැවසුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලය සදහා විශාල පිරිසක් දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බවත්, එම කාර්යාලයෙන් එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර […]

පසුගිය වසර තුළදී වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් කපා දැමීමට සිදුව ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. 2006 වසරේදී මෙම වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පළමු වරට මෙරටින් හඳුනාගැනීමට හැකිවූ අතර එවකට මෙම රෝගය හේතුවෙන් විනාශ වූ දකුණු පළාතෙහි පොල් […]

දිස්ත්‍රික්ක නවයක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මේ අතර අදාළ දිස්ත්‍රික්ක නවයේ […]

මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) ඊයේ (02) සවස කටයුතු කළේය. එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ […]

මාතරට බලපා ඇති ගංවතුර තත්ත්වයට අනුව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මාතර , අකරැස්ස, මාපලගම ආදි ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය දැනට බලපා ඇතැයි දිස්ත්‍රික් ලේකම්කාර්යාලය කියයි. ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම නගරය අද දින යටව ඇතැයි ද වාර්තාවේ. ගාල්ල ඇල්පිටියේ ඉගල ප්‍රදේශයෙන් […]

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ  ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ […]

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.