වැලිගම පොල් ගස් 5000 ක් කපයි . . .

පසුගිය වසර තුළදී වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් කපා දැමීමට සිදුව ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.

2006 වසරේදී මෙම වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පළමු වරට මෙරටින් හඳුනාගැනීමට හැකිවූ අතර එවකට මෙම රෝගය හේතුවෙන් විනාශ වූ දකුණු පළාතෙහි පොල් ගස් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් කපා දැමීමට සිදුව තිබේ.

තවමත් වැලිගම, හම්බන්තොට, මාතර, තංගල්ල ප්‍රදේශයන්හි පොල් ගස් ආශ්‍රිතව රෝගය පවතින අතර මෙම පොල් කොළ මැලවීමේ රෝගය මෙම වසර තුළදී සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවළක් ආරම්භ කර තිබේ.

එමෙන්ම මේ වන විටත් පොල් පර්‌යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්‌යේෂණවල ප්‍රතිඵලයක් මත මෙම රෝගය සඳහා ප්‍රතිරෝධීත්වයක් දක්වන පොල් ප්‍රභේදයක් හඳුනාගැනීමට ලුණුවිල පොල් පර්‌යේෂණ ආයතනයට හැකිව තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි . . .

Thu Jan 4 , 2024
විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x