සරම්ප රෝගීන් වැඩිවෙලා . . .

දිස්ත්‍රික්ක නවයක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර අදාළ දිස්ත්‍රික්ක නවයේ සිටින මාස 06 – 09ත් අතර වයසේ පසුවන ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීම ජනවාරි 6 වැනිදා සිදුකිරීමට නියමිතය. එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලයේදී ළඟම පිහිටි රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනයෙන් මෙම එන්නත ලබාගත හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාප කාර්යාලය සහ ජීනිවා කාර්යාලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ විද්වත් අදහස් ලබාගනිමින් මෙරට සරම්ප නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

එසේම මාස 09 – 15ත් අතර වයසේ පසුවන ළදරුවකුට මෙතෙක් සරම්ප එන්නත් ලැබී නොමැතිනම් ඔවුනට ද එදින මෙම සායනවලදී එම එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි ලේකම්වරයා පැවසුවේය.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර වේගවත් කරයි . . .

Thu Dec 28 , 2023
හමාස් සංවිධානය සමග යුද්ධය මාස ගනනාවක් පවතිනු ඇති බවට අනතුරු අඟවමින් ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ පලස්තීන සරණාගත කඳවුරු වෙත සිය ගොඩබිම් ප්‍රහාරය පුලුල් කර තිබේ. මෑත දිනවල ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත් සහ මාගාසි කඳවුරුවල පුද්ගලයින් රැසක් මිය ගියේය. එසේම ඛාන් යුනිස් නගරයේ ද දරුණු සටන් දිගටම පවතී. හමාස් පාලනය යටතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x