පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බවයි. අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ […]

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි. මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම […]

හේමා ප්‍රේමදාස මදුරු කොයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය. රට හදන්න කතා කරන්න පෙර වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා සිටින බවද අලුත්ගමගේ කීය. හේමා ප්‍රේමදාස 2023.9.20 […]

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විශාල ප්‍රචාරක වැඩ කොටසක් ඉටු කරමින් සිටින අතර එහිදී බුද්ධ සාසන ආගමික සහ සංකෘතික කටයුතු සම්බන්ධයෙන් වඩාත් ආක්‍රමණික ආකාරයෙන් ක්‍රියාමාර්ග දියත් කර ඇති බව අනාවරණය වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සමන් ඒකනායක ලේකම්වරයා ඍජුවම කටයුතු කර ගෙන යන ක්ෂේත්‍ර කීපයක් ඇති […]

ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම වාහන අතරින් වාහන 13ක් අධි ආරක්ෂක රථ බවද එයින් එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 25ත් 30ත් අතර වන බවද එම වාර්තාවේ සඳහන් වේ. එම විගණන වාර්තාවට අනුව අදාල අධිආරක්ෂිත හා අනුරූප රථවල වටිනාකම අධික වීම නිසා […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුල්වීමට උත්සාහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඔවුන් ජනාධිපති කාර්යාලය අසලට යාමට පෙර පොලිසිය හා හමුදාව විසින් පිරිස නැවතූ අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ […]

වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  අද (25) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා […]

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්  වේ. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ. මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් […]

ලබන බදාදා දිනයේදී ජනාධිපති කාර්යාලය වැටලීමට පියවර ගන්නා බව ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය අහෝසි කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයකට විරෝධය පළ කරමින් මෙසේ ජනාධිපති කාර්යාලය වටලන බව  කියා සිටියේය.

රක්ෂණ සංස්ථාව  මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ශාඛා දෙක විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින්  ඒවා විධිමත් ආකාරයට වසා දැමීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත. මේ අතර රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.