ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මේ බව පැවසීය. මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බව ඔහු පැවසුවේය. aruna

යාපනයේ වැසියන්ට මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය […]

ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර […]

උතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවකට පානීය ජලය මෙන් ම වගාවන්ට ජලය හිඟවීමේ අවදානමක් මතුව ඇත. අනුරාධපුර තිසා වැව, නුවර වැව හා තුරුවිල යන වැව් තුන සඳහා ඉදිරි තෙසතිය තුළ මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල පදිංචි ජල පාරිභෝගිකයන් හැට දහසකට […]

නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම පහසු ගෙවීමේ ක්‍රමය එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිත බව කී එම නිලධාරියා නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් […]

විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ […]

ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කරන ලදී. මෙහිදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2 පමණ මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් මෑතකදී […]

කොළඹ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (ඔක්. 22) පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (ඔක්. 23) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවනු ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් […]

නව ජල සම්බන්ධතා ගාස්තු අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව ඒ අනුව 70%  කින් ඉහළ දමා ඇත.

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් පවසයි. ඒ අනුව කොළඹ 02, 03, 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07, 08, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.