යාපනයේ වැසියන්ට බීමට මුහුදු ජලය . . .

යාපනයේ වැසියන්ට මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

ඊට වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ලබන වසරේ මුල්කාර්තුව ඇතුළතදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය තුළින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමට බලාපොරොත්තු වෙයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියාවෙන් ඩෙංගු වලට නව එන්නතක් හදුන්වා දෙයි . . .

Fri Aug 25 , 2023
ඉන්දියාවෙන් ඩෙංගු රෝගීන් සඳහා එන්නතක් ලබා දීමට සුදානම් වනවා. 2026 වසරේ ජනවාරි මාසයේදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දියානු ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන් පවසන්නේ. මුල් අවධියේ කරන ලද අත්හදා බැලීම්වලින් අහිතකර තත්ත්වයන් වාර්තා නොවූ අතර මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 – 50ත් අතර පුද්ගලයන් 90 දෙනෙකුට බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x