බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් සැප්තැම්බර් මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟින් Akhaura-Agartala දුම්රිය මාර්ගය විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.  මෙම ව්‍යාපෘතිය දෙරටේ පුරවැසියන් අතර සැලකිය යුතු ප්‍රබෝධයක් ඇති කරන අතර, එය ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකටම වාසිසහගත වනු ඇතැයි පැවසේ. බංගලාදේශයේ චිතගොං සහ මොන්ග්ලා වරායන් භාවිතා කරමින් ඉන්දියාවේ අනෙකුත් වරායවලින් […]

ඉන්දියාවෙන් ඩෙංගු රෝගීන් සඳහා එන්නතක් ලබා දීමට සුදානම් වනවා. 2026 වසරේ ජනවාරි මාසයේදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දියානු ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන් පවසන්නේ. මුල් අවධියේ කරන ලද අත්හදා බැලීම්වලින් අහිතකර තත්ත්වයන් වාර්තා නොවූ අතර මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 – 50ත් අතර පුද්ගලයන් 90 දෙනෙකුට බව […]

යාපනයේ වැසියන්ට මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය […]

ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට […]

දරුවන්ගේ ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සඳහා භාවිත කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නමැති ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සමාගමට අයත් මෙම ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ තුන තත්ත්වයෙන් බාල බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවතට දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ […]

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ලද පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා ජොර්ජියා ප්‍රාන්ත අධිකරණයක් විසින් ඔහුට ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් නියම කළේය.

මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරු පැදි හා ජංගම දුරකථන අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි. මෙම වැටලීමේදී බූරු පොළ පවත්වාගෙන ගිය නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනකු, බූරු ගැසීමට පැමිණි […]

පවතින වියළි කාළගුණය හේතුවෙන් අනුරාධපුරය මහකනදරාව වැවේ ජලය සිඳී යාමෙන් ඉපැරණි මාර්ගයක සහ පාලමක කොටස් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වැව මැද සිට මීටර කිහිපයක් ස්ථිර මාර්ගයක් ලෙස එය ඉදිකර ඇති අතර මාර්ගය කෙලවරේ පාලමක කොටස් මතුව ඇති බවත් ඔවුහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.