ලංකාවේ පොල් ලෝකය හොල්ලන්න යයි . . .

ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට හැකිනම් එය මෙරට පොල් කර්මාන්තයේ දියුණුවට වැදගත් වන බවත් ඒ සඳහා මේ වන විට පොල් ශාකයේ ජානමය ලක්ෂණ සලකා බලමින් මෙරටට ආවේණික බව තහවුරු කර ගැනීමට හැකියව පවතින්නේද යන්න පිළිබඳ අවධානය යොමුව ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

අනෙකුත් රටවල හටගන්නා පොල්වල ඇති ගුණාත්මක බවට සාපේක්ෂව මෙරට පොල්වල අඩංගු ගුණාත්මක සංඝටක ඉහළ මට්ටමක පවතියි. ඉන්දුනීසියාව වැනි රටවල පොල් ගෙඩියෙන් ලබාගත හැකි පොල් කිරි ප්‍රමාණය මෙරට පොල්වලින් ලබාගතහැකි පොල් කිරි ප්‍රමාණයට වඩා 30%කින් පමණ අඩුය. එමෙන්ම මෙරට පොල් වල අඩංගු ප්‍රාථමික සහ ද්විතීක සංඝටක ප්‍රමාණය ඉහළ බැවින් එහි ඇති ඖෂධීය බවද ඉහළ මට්ටමක පවතියි.

  •  නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යාපනයේ වැසියන්ට බීමට මුහුදු ජලය . . .

Fri Aug 25 , 2023
යාපනයේ වැසියන්ට මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x