ලංකාවේ හදන ප්‍රතිජීවක කාණ්ඩ 3ක් භාවිතයෙන් ඉවතට . . .

දරුවන්ගේ ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සඳහා භාවිත කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නමැති ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සමාගමට අයත් මෙම ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ තුන තත්ත්වයෙන් බාල බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවතට දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අදාළ ඖෂධ කාණ්ඩ තුන භාවිතයෙන් වහාම ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලුම රෝහල්වලට දැනුම් දී තිබේ.

මෙම ප්‍රතිජීවක ඖෂධය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ බහුල වශයෙන් භාවිත කරන අතර වැඩි වශයෙන් ම ළමා රෝග ආසාදනවලදී පළමු පෙළ ඖෂධයක් ලෙස දැනට භාවිත වන්නක් බව ද වාර්තා වේ.

මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය හා වෛද්‍ය සැපයුම් ඒකකය අතර කඹ ඇදීමෙන් මියයන මිනිස් ජීවිතවලට වගකියන්නේ කවුරුන් ද යන්න තමා ප්‍රශ්න කරන බව ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

හොරණ ප්‍රදේශයේ සමාගමක් මගීන් නිෂ්පාදනය කරන මෙම ප්‍රතිජීවක ඖෂධය තත්ත්වයෙන් බාල බව තහවුරු වීම නිසා මීට පෙර ද භාවිතයෙන් ඉවත් කළ බව ත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අදාළ ඖෂධය සම්බන්ධව පර්යේෂණ වාර්තාවක් කර මීට පෙර ඉල්ලා සිටිය ද එය ලැබී නොමැති බව ත් ඔහු සඳහන් කළේ ය.

  • Mithun Jayawardhana
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ පොල් ලෝකය හොල්ලන්න යයි . . .

Fri Aug 25 , 2023
ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x