‘රටේ ආර්ථිකය ඇද වැටෙන්න කථානායකවරයා ප්‍රධාන හේතුවක් වුණා. කථානායක පුටුවේ සිට ගත් සෑම තීරණයක් පිටුපසම දේශපාලනය තිබුණ බව අපිට පෙනුනා. කථානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්වුණා. අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරා’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාස බංගත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමේ […]

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදී තිබේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකුගේ අත්සන් ලැබී ඇතැයි ද වාර්තා වේ. aruna

මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, […]

ඔන් ලයින් පනත පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවා සම්මත කර ගැනීමේදී අනුගමනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග නොතකා කටයුතු කර ඇති බවත් එසේ තිබියදී කථානායක මහින්ද යාපා අබේවර්ධන එම පනත බලාත්මක කරමින් අත්සන් තැබීම අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්ධිරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. කතානායකට […]

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන  අද  (1)  සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව, මෙම […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකර තිබේ. මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවයි, එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ. […]

ක්‍රිකට් ආයතනයේ  බලධාරීන් විවිධාකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති හෙයින්  තමාගේත්  පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් පාර්ලිමේන්තුවේදී අද (16)  ඉල්ලීමක් කළේය. ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හරි බලවත් බවත් ඒ අය අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු  නැති බවත් අමාත්‍යවරයා කීවේය. රොෂාන් රණසිංහ මෙසේ පැවසුවේ […]

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය. පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය. අංජුල මහික වීරරත්න සහ සුජිත් […]

පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (17 ) පැවසීය. එය  පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද   ඔහු සඳහන් කළේය. කතානායකවරයා මෙසේ පැවසුවේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි සිය වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි පැවසුවේ පාර්ලිමේන්තු […]

රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද   ඔහු  සඳහන් කළේය. සුජිත් හේවාජුලිගේ සහ  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.