ඇමති රොෂාන් ආරක්ෂාව ඉල්ලයි . . .

ක්‍රිකට් ආයතනයේ  බලධාරීන් විවිධාකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති හෙයින්  තමාගේත්  පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් පාර්ලිමේන්තුවේදී අද (16)  ඉල්ලීමක් කළේය.

ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හරි බලවත් බවත් ඒ අය අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු  නැති බවත් අමාත්‍යවරයා කීවේය. රොෂාන් රණසිංහ මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

රොෂාන් රණසිංහ  මෙසේද පැවසීය.

මම තනතුරුවලින් වැජඹෙන කෙනෙක් නොවෙයි. රටේ පුරවැසියන් අතර මහජනතාවට වගකියන පළමුවැනි  තිස් දෙනා අතර ඉන්න කෙනෙක්. මීට දින කිහිපයකට කලින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඇමති කියන තැනකට එන්නම් නැත්නම් එයාව  වෙන තැනකට ගෙනියනවා කියලා කියනවා. සුදත් චන්ද්‍රසේකර මම පත්කරපු මිනිහා. ක්‍රිකට් ආයතනය ඔහුව අල්ලා ගත්තා. තවත් පටිගත කිරීමක් තියෙනවා ඕකට මම ගහලා දානවා කියලා. මේ ප්‍රකාශ දෙක තුළ මගේ පවුලේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙනවා.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අරගලයේ ජනාධිපති ගී රැජින ලගටම ගොස් සම්මාන පුදයි . . .

Thu Nov 16 , 2023
2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගාරයේ සිටි නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයටම ගොස් එම සම්මානය පිරිනැමීමට කටයුතු කළේය. පසුගිය වසරේ ගාලුමුවදොර ඇතිවූ අරගලයේ දීද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x